බහුවිධ බුද්ධි න්‍යායට අනුව ඕනෑම පුද්ගලයෙකු සතු ව බුද්ධි වර්ග 8ක් තිබිය හැකි ය. නමුත් වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන්ගෙන් හඳුනා ගන්නේ සහ සංවර්ධනය කරන්නේ ප්‍රධාන වශයෙන් බුද්ධි වර්ග 2ක් පමණි. ඒවා නම් භාෂාමය බුද්ධිය සහ ගණිතමය තාර්කික බුද්ධිය යි. ශෝචනීය කරුණ වන්නේ අනෙක් බුද්ධි වර්ග 6ම හඳුනා නො ගෙන සංවර්ධනය නො කර ම පාසලෙන් ඉවත්ව යෑමට දරුවන්ට සිදු වීමයි. මෙම ගැටළුවට යම් තරමකින් හෝ විසඳුමක් ලබා දීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණකි.
අප දැන් ජීවත් වන්නේ සිව්වැනි කාර්මික විප්ලවය සිදු වෙමින් පවතින 21 වැනි
සියවසේ ය. 21 වන සියවසට ගැළපෙන දරුවෙක් බිහි කිරීමට නම් ලෝකය ම පිළිගත් “21 වන සියවසේ
පුද්ගලයෙකු සතු විය යුතු නිපුණතා” දරුවන්ට අත්පත් කර දීම
අධ්‍යාපනයේ ප්‍රමුඛ කාර්යයක් විය යුතු ය. මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණ වන්නේ
21 වන සියවසේ පුද්ගලයෙකු සතු විය යුතු නිපුණතාවලින් එක් නිපුණතාවක් වන
නිර්මාණාත්මක හැකියා දරුවන් තුළින් හඳුනා ගැනීම සහ සංවර්ධනය කිරීමයි.
රටක් සංවර්ධනය කරා යන ගමනේ රට තුළින් බිහි වන නව නිපැයුම් රටේ සංවර්ධනයට
අතිශයින් වැදගත් වේ. නව නිපැයුම් හරහා නව කර්මාන්ත බිහි වීම හා ඒවා මඟින් බිහි වන
නිපැයුම් අපනයන මඟින් විදේශ විනිමය රට තුළට ගලා ඒම මඟින් රටේ සංවර්ධනයට දායකත්වයක්
සැපයේ. පාසල් අවදියේ සිට ම නව නිපැයුම් සදහා සිසු දරු දැරියන් පෙලඹ වීම, අනාගතයේ
නව නිපැයුම් කරුවන් බිහි වීමට මං පාදනු ඇත. මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන තවත්
ප්‍රධාන අරමුණක් වන්නේ නව නිපැයුම් කරුවන් බිහි කිරීමට සුදුසු පරිසරයක් පාසල තුළ
ඇති කිරීමයි.
සමාජීය ගැටළු දෙස ව්‍යාපාරික මුහුණුවරින් බලා විසඳුම් සෙවීම ව්‍යවසායකයෙකු
සතු හැකියාවයි. සමාජීය ගැටළුවකට ව්‍යාපාරික
මුහුණුවරකින් විසඳුම් සොයා එය ව්‍යාපාරයක් බවට පත් කර ගත් විට එම ව්‍යාපාරය සාර්ථක
වීමේ හැකියාව බොහෝ ඉහළ ය. එමගින් ඔහුටත් සමාජයටත් රටේ ආර්ථිකයටත් බොහෝ වාසි හිමි වේ.
සමාජීය ගැටළුවකට විසඳුම් ලැබෙන නිර්මාණ බිහි කිරීමට සිසුන් යොමු කිරීම මෙම ව්‍යාපෘතියේ
දී වැඩි අවධානයක් දැක්වීමට බලාපොරොත්තු වේ.
සමස්තයක් වශයෙන් මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන්නේ දරුවන්ගේ සැඟවුන
දක්ෂතා මතු කර ඒවා තුළින් නිර්මාණාත්මක හැකියාව ව්‍යවසායකත්ව මනසකින් සංවර්ධනය කර
රටට අවශ්‍ය රටේ ආර්ථිකයට ඍජුව දායක වන පුද්ගලයෙක් පාසල තුළින් බිහි කිරීමට සුදුසු
පරිසරයක් පාසල තුළ ඇති කිරීමයි. මෙම නිර්මාණ ප්‍රදර්ශනය මෙම වසරේ සිට වාර්ෂිකව පාසල
තුළ පැවැත්වීමට බලාපොරොත්තු වේ.